යතුරුපැදිය ගවයකුගේ ඇඟේ ගැටී ව්‍යාපාරිකයා මරුට

A9 මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය ගවයකුගේ ඇගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයෙකු අද (8) මියගොස් ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මරදන්කුලම, පුවරසන්කුලම පදිංචි 69 හැවිරිදි තිදරු පියෙකි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා, සමගි ජන බලවේගය දේශපාලන පක්ෂයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරඟ කිරීමට නාම යෝජනා භාර දී තිබූ අයෙකුට බවද වාර්තාවේ.

ඉකුත් 5 වනදා තම පුතු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply