ඉන්දීය ගුවන් හමුදාවට අයත් මිග් 21 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය රාජස්තාන් ප්‍රාන්තයේ “Hanumangarh” නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇති බව එහි වැඩිදුරටත් සදහන්ය.
ගුවන් නියමුවා යානය කඩා වැටෙන විට ඉන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙන බවත් ඉන් ඔහු සුළු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ගුවන් හමුදාව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.