ලෝක වෙළඳපොලෙහි බොර තෙල් මිල ඉහළට

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන එක්සත් ජනපදයේ ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග තෙල් මිලෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට බොර තෙල් මිල 2%කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉදිරියේ දී ඩොලර් 1.17කින් ඉහළ යා හැකි අතර, එවිට බැරලයක මිල ඩොලර් 79.54ක් පමණ විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.


එමෙන්ම WTI බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 2.02 කින් ඉහළ යා හැකි බවත් එවිට බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.78ක් විය හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල මැයි මාසය සඳහා මිල සංශෝධනය හෙට (01) සිදුකිරීමට නියමිතව තිබේ.

Werzuo Digital

Leave a Reply