ගාලු ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදහන්

ගාල්ල ධිවර වරායෙන් ඉකුත් 23 වනදින මුහුදුගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු 27 වනදා සිට අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ බලපිටිය හීනටිය  පදිංචි 28 හැවිරිදි ධිවරයෙකි.

බහුදින යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර 27 වන දින අලුයම සිට ඔහු යාත්‍රාවේ සිට නොමැති අතර පසුව අනෙක් ධිවරයින් විසින් සොයා බැලුවත් ඔහු සොයා ගැනිමට නොහැකිවිම නිසා යාත්‍රාව හිමිකරුට දැනුම් දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply