පානදුර මුහුදු වෙරළට අද (28) පස්වරුවේ අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් පැමිණ ඇත.
කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට සවස 5.30 ට පමණ පැමිණ සිටීන බව දුටූ ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර තිබේ.
පානදුර ජීවිත ආරක්ෂක ඒකකය නිළධාරීන් එම ස්ථානයට පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 – 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ අදුර වැටෙනතුරු සැරිසරා ඇත.
කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර හෙට (29) ඉදිරි කටයුතු සිදුකරන බව දැනුම් දී තිබේ