ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 01, ස්පීල්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (28) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙලෙස වෙඩිතබා ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පවසයි.
පිටතින් පැමිණි පුද්ගලයෙකු නිවසේ ජනේලයක් තිබෙන ස්ථානයක සිට, නිවසේ සිටි මෙම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ