ජපානයේ ගොවිපොළවල් සඳහා ග්‍රමිකයින් බඳවා ගැනේ

ජපානයේ ගොවිපොළවල් සඳහා ශ්‍රී ලංකාවෙන්, දකුණු ආසියාවෙන් සහ අග්නිදිග ආසියාවේ වෙනත් රටවලින් කම්කරුවන් බඳවා ගැනීමට නියමිත බව වාර්තාවේ.

ජපානයේ විශාලතම තාවකාලික කාර්ය මණ්ඩල සමාගමක් වන පර්සෝල් හෝල්ඩින්ග්ස්, අස්වැන්න නෙලීම වැනි සෘතුමය රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් ගොවිපොළ වෙත යැවීමේ සේවාවක් මාර්තු මාසයේ දී දියත්කර තිබේ.

කෘෂිකාර්මික පාසල් වැනි ස්ථානවල අධ්‍යාපනය ලබා ඇති ඉන්දුනීසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල කම්කරුවන් සඳහා මෙම අවස්ථාව හිමිවන බව සඳහන්.

ඉන්දුනීසියාව, අග්නිදිග ආසියාව මෙන් ම ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල ශ්‍රමිකයින් බඳවා ගැනීමට මෙම සමාගම බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Werzuo Digital

Leave a Reply