හම්බන්තොට සිට දකුණු දෙස වන්නට කිලෝමීටර 25 දුර මුහුදේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 4.4 ක භූ චලනයක් සිදුවිය ඇති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය නිවේදනය කළේය
අද (24) අලුයම 12.45 ට පමණ භූ චලනය හම්බන්තොටට ආසන්න නොගැඹුරු මුහුදේ හටගෙන ඇති අතර එහි කම්පනය හම්බන්තොට, වීරකැටිය, හුංගම, බදුල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලට තත්පර කිහිපයක් දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් හම්බන්තොටට හෝ දකුණු මුහුදු ප්‍රදේශයට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය