ශ්‍රී පාද වන්දනාවේ ඇවිත් අවසන් ගමන් යයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙක් අද (23 ) හදිසියේ මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, තංගල්ල අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ සිට පැමිණි 70 හැවිරිදි අයෙකි.

මියගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ, සීත ගඟුල ප්‍රදේශයට මඳක් ඉහළ දී වන්දනාකරු රෝගී වී ඇති අතර මස්කෙළිය රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි

Werzuo Digital

Leave a Reply