රෝගීන් රැගෙන ගිය ගිලන් රථයක් බිහිසුණු අනතුරක

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිට මහනුවර ජාතික රෝහල දක්වා රෝගීන් දෙදෙනෙකු රැගෙන යමින් සිටි ගිලන් රථයක් මහනුවර සිට උඩවලව දක්වා ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මහනුවර, මයිලපිටිය, දූල්ගොල්ල ප්‍රදේශයේදී ඊයේ (22) මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් ගිලන් රථයේ රියැදුරු සහ තවත් දෙදෙනෙකු තුවාල ලබා රිකිල්ලගස්කඩ මූලික රෝහල ට ඇතුළත් කර ඇති අතර ගිලන් රථයේ සිටි රෝගීන් දෙදෙනා 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබේ

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply