යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 5 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
යාපනය ඩෙල්ෆ් ප්රදේශයෙන් අද (22) උදෑසන මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
නිවස තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී මෙලෙස හමුවී තිබේ.
ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.
කවුරුන් විසින් මෙම ඝාතන සිදු කර ඇත් ද යන්න සහ කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය පවසයි.
සැකකරුවන් සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙළිවී නොමැති අතර ඩෙල්ෆ් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.