මෙරට අපතේ යන කජු පුහුලන් ඇල්කොහොල් නිෂ්පාදනයට

අපතේ යන කජු පුහුලන් යොදා ගනිමින් පෞද්ගලික සමාගමක් සමග එක්ව ඇල්කොහොල් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව කජු සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ වන විටත් මෙහි රසායනාගාර පර්‌යේ ෂණ කටයුතු සාර්ථක වී ඇති බැවින් ඉදිරි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු බව ඔහු සඳහන් කර තිබේ.

මෙම කන්නයේ කජු අස්වැන්න නෙළාගැනීමෙන් පසුව අස්වැන්නෙන් ඉවත දමන පුහුලන් ඇල්කොහොල් නිෂ්පාදනය සඳහා අදාළ ආයතනවලට ලබාදීමට නියමිතය. 

එමෙන්ම මේ සඳහා ඕනෑම ප්‍රදේශයක කජු ​ගොවීන්හටද සංස්ථාව වෙත කජු පුහුලන් ලබාදීමේ හැකියාව පවතින අතර ඒ සඳහා ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමට සංස්ථාව තීරණය කර තිබේ.

Werzuo Digital

Leave a Reply