චීනයට ලබාදීමට යන රිලවුන් ලක්ෂයෙන් වැඩි පිරිසක් කෑගල්ලෙන් අල්ලා ගන්නා ලෙසත් ඒ සඳහා උපරිම සහයෝගයක් කාලවකවානුවක් නොමැතිව ලබා දිය හැකි බවත් කෑගල්ලේ ගොවියෝ ප්‍රකාශ කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් ජනගහනය ලක්ෂ අටකට වැඩි පිරිසක් සිටින අතර පසුගියදා කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් රිළව් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිටින බවය.
මේ සංඛ්‍යාලේඛන අනුව කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේද ඒ පිළිබඳව නිතරම අවධානය යොමු වී ඇති අතර ඊට විසඳුමක් මෙතෙක් ඔවුනටද ලැබී නොමැති බව වාර්තාවේ.
විශේෂයෙන් රිළව්ගෙන් කෑගල්ලේ පොල් වගාවට මෙන්ම කෙසෙල් වගාව ඇතුළු පලතුරු වගාවට හානි සිදුවන බව වාර්තාවේ.
කෑගල්ලේ රිළා රංචු ප්‍රමාණය වැඩි වීම නිසාත් රංචුවල සිටින රිළව් ගණන වැඩි නිසාත් පසුගිය කාලයේ ඔවුනට කෑම අඩු වීම හේතුවෙන් රිළව් නිවාසවලට පැන බත් මුට්ටි පවා රැගෙන ගිය අවස්ථා තිබුණු බව සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් චීනයට