යාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායි රටට

යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවෙහි ගොවීන් 600ක් නිරතව සිටින අතර තවත් හෙක්ටෙයාර් 650ක් දක්වා එම වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය.

මීට අමතරව ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ඇඹිලිපිටිය හා හම්බන්තොට ආශ්‍රිතව මෙම වසර තුළ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව සෙවනගල ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් රාජාංගනයේ ස්ථාපිත කර තිබෙන අතර යාපනයේ සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

යාපනයේ කෙසෙල් අපනයනය මගින් සතිපතා මෙරටට ඩොලර් 40,000ක ආදායමක් ලැබීමට නියමිතය.

දැනට මෙරට ඇඹුල් කෙසෙල් සඳහා විදේශ වෙළෙඳ පොලෙහි විශාල ඉල්ලුමක් පැවතියත් තවමත් අප රටේ ගොවීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වගා නොකරන බැවින් සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයීමේ අපහසුතා පවතී.

Werzuo Digital

Leave a Reply