සුඛෝපභෝගී මෝටර් රථයක් අද (15) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් ලොරියක ගැටීමෙන් එහි ගමන් කල රුසියන් ජාතිකයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි අධිවේගී රථවාහන පොලීසිය පවසයි.
රුසියන් ජාතිකයා රැගත් මෝටර් රථය ගාල්ල පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කර කටුනායක ගුවන්තොටුපොළ කරා ගමන් කරමින් තිබියදී එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෝටර් රථය තුළ සිරවී සිටි රුසියානු ජාතිකයාව පිටතට ගෙන හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මෝටර් රථය පැදවූ රියැදුරුව අත්අඩංගුවට ගෙන ඇත.