හිමිනමගේ ක්‍රෙඩිට් කාඩ් එක උස්සලා ෆෝන් දෙකක් අරන්

මාලිගාවත්ත විහාරස්ථානයක හිමිනමකගේ ණය පතක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ හතරක ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක් මිලට ගත් අයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත්තේ බෝ සෙවන පාර, මාලිගාවත්ත කොළඹ 10 විහාරස්ථානයක වැඩවසන හිමිනමක විසිනි.

තමන්ට ලැබුණු පුන්‍යාධාර සහ අනෙකුත් ආධාර බැංකු ගිණුමට බැර කළ බවත් පසුව එම ගිණුමෙන් ණය කාඩ් පතක් ලබාගෙන තිබූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Werzuo Digital

Leave a Reply