නැගෙනහිර ගැඹුරු මුහුදේ අපදාවට පත් යාත්‍රාවක් බේරාගනි

ශ්‍රි ලංකාවට නැගෙනහිරින් වු ගැඹුරු මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අපදාවට පත්ව තිබු බහුදින යාත්‍රාවක සිට ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අද (10) බේරාගත් බව නාවික හමුදාව පවසයි.

දිවයිනට නැගෙනහිරින් වු පවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් දුරින් උවිදු පුතා 03 නමැති මෙම යාත්‍රාව අපදාවට ලක්ව තිබේ. මෙම යාත්‍රාව ධිවරයින් හය දෙනෙකු සමග  ඉකුත් 03 දින ත්‍රිකුණාමලයෙන් පිටත්ව ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මුලස්ථානයේ ස්ථිපිත කොළඹ  සමුද්‍රිය සෙවීම් හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සිදුකළ මෙහෙයුමක් මගින් මෙම ධීවර යාත්‍රාවවේ සිට  පිරිස බේරාගෙන යාත්‍රාව කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒම සිදුකළ බව නාවික හමුදාව පවසයි.

Werzuo Digital

Leave a Reply