දුම්රිය වැසිකිළියේ දමා ගිය කුඩා බිළිදෙකු බේරාගනි

කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිලිදෙකු අද (10) රාත්‍රියේ සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

වැසිකිළියට ගිය මගියකු මෙම බිලින්දා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු කොටුව දුම්රිය ස්ථානයේදී රාත්‍රියේ බිලිඳාව සොයාගෙන ඇත.

පසුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් බිළිඳා සිය භාරයට ගෙන පොලීසිය දැනුවත් කිරීමෙන් පසු බිළිඳාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Werzuo Digital

One thought on “දුම්රිය වැසිකිළියේ දමා ගිය කුඩා බිළිදෙකු බේරාගනි

Leave a Reply