බේරුවල මුහුදු වෙරළේ කාන්තා මළ සිරුරක්

මීට දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියකගේ සිරුරක් අද (04) උදෑසන මුහුදු වෙරළට ගොඩගසා තිබියදී බේරුවල පොලීසිය විසින් සොයාගෙන ඇත.

අද උදෑසන ඇයගේ සිරුර බේරුවල මරදාන ලෙල්ලම ධීවර වරායට ආසන්න මුහුදේ තිබී වෙරළ ප්‍රදේශයට ගොඩගසා තිබේ.

බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි එම තරුණිය පසුගිය 02 වනදා සිට අතුරුදන්වී ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් බේරුවල පොලීසියට පැමිණිලි කර තිබේ.

CCTV පරීක්ෂා කිරීමේදී ඇය ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරන අයුරු නිරීක්ෂණය වී තිබුණ ද ඉන් අනතුරුව ඇය පිළිබඳ කිසිදු තොරතුරක් හමුවී නොමැත.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply