උතුරු නවසීලන්තයේ ප්‍රබල භූ චලනයක්

උතුරු නවසිලන්තයේ පැසිපික් සාගරයේ කර්මඩෙක් දිවයින ආශ්‍රිතව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

කිලෝමීටර් 183ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ චලනය සිදුවී ඇතැයි එම ආයතනය පැවසීය

මේ අතර මෙම භූ චලනය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට හෝ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඕස්ට්‍රේලියානු කාලගුණ ඒජන්සිය නිවේදනය කළේය.

මෙම භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිපික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයද නිවේදනයක් නිකුත් කර තිබේ.

රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6 ක් ලෙස මෙම භූමිකම්පාව සටහන්ව ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) පැවසීය.

Werzuo Digital

Leave a Reply