ගාල්ල දිස්ත්‍රික්කයේ සුනාමි පෙරහුරු මාලාවක්

ගාල්ල දිස්ත්‍රික් වෙරළ තීරයේ සුනාමි අවදානමක් සහිත පාසල් තෝරා ගනිමින් සුනාමි ආපදා පෙරහුරු අභ්‍යාස පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහය ලැබී ඇති බවත් එය මේ මස තුල පවත්වන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි පළමු වැඩසටහන රත්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලයයේ දී අද (02) පෙරවරුවේ පැවත්විමට නියමිතව තිබිණ

ගාල්ල දිස්ත්‍රික්කයේ සුනාමි අවධානමක් සහිත පහත සඳහන් පාසල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ .

මාදම්පාගම මාදම්පා මහා විද්‍යාලය, මාදම්පාගම කුමාර කාශ්‍යප කනිෂ්ට විද්‍යාලය, රත්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලය, දොඩන්දුව රෝහණ විද්‍යාලය, මාගාල්ල සුධර්මා විද්‍යාලය, මාගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය සහ ගිංතොට මහා විද්‍යාලයේ දී මෙම වැඩසටහන් පැවැත්වේ.

Werzuo Digital

Leave a Reply