ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.7 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.
භූමිකම්පාව පොලොවේ සිට කිලෝමීටර් 47 ක් (සැතපුම් 29.2) ගැඹුරින් ඇති වී තිබෙන බවද එම මධ්‍යස්ථානය පැවසීය.
එරට වේලාවෙන් පෙරවරු හයට පමණ මෙම භූ චලනය සිදුව ඇති අතර ඉන් සිදු වූ හානි පිළිබඳව තවමත් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.
කෙසේ වෙතත් මේ දිනවල මැග්නිටියුඩ් පහට වැඩි භූචලන වල සාමාන්‍ය වැඩිවීමක් දක්නට ලැබෙන බව විචාරකයන් පවසයි.