වල් අලියාට තිබ්බ වෙඩිල්ල වැදුණු කාන්තාව රෝහලට

අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ පුද්ගලයෙක් ⁣ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස නිවස ආසන්නයේ සිටියදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලබා ඇත්තේ දම්මින්න හංදිය ගම ප්‍රදේශයෙන් පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුව ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply