ඉන්ධන ලබාදීම සදහා මේ වන විට ක්‍රියාත්මක QR ක්‍රමවේදය ඉදිරි මාස 3 හෝ 4 තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.
එම ක්‍රමය අවසන්වීමෙන් පසු පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ
රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවනු ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ