ඕස්ට්‍රේලියාවෙන් ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.සොයාගත් මෙම මැඩියාගේ බර කිලෝග්‍රෑම් 2.7 කි.
ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වන උද්‍යානයේ නිලධාරීන් විසින් මෙම විශාල මැඩියා ජනවාරි 12 වැනිදා සොයා ගනු ලැබ ඇති බවත් මෙම විශාල මැඩියාට “Toadzilla” ලෙස නම් තබා තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.
මෙම මැඩියා ලෝකයේ විශාලතම මැඩියා බවට තමන් විශ්වාස කරන බව වනජීවී නිලධාරීන් මෙම මැඩියාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත අද (20) නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ලෝකයේ විශාලතම මැඩියා සඳහා වූ ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත්තේ 1991 වසරේ ස්වීඩනයේ කිලෝග්‍රෑම් 2.65 කින් යුතු සුරතල් මැඩියෙකු විසින් පිහිටුවන ලදී.