වෙළෙඳපොළේ අලෙවි වන බිත්තර සඳහා නව පාලන මිලක් පැනවීමට අදාල ගැසට් පත්‍රයක් අද (20) නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත් එම ගැසට් පත්‍රයේ සදහන්ය
කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ක් හෝ ඊට අධික මිලකටයි.