ඉඳුරුවදී දුම්රියේ ගැටී පුද්ගල⁣යෙකු මරුට

වෙරළබඩ දුම්රිය මාර්ගයේ මහ ඉඳුරුව දුම්රිය ස්ථානය අසලදී බෙලිඅත්ත සිට මරදාන දක්වා ගමන් කල සීඝ්‍රග්‍රාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉඳුරුව පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත දේහය බලපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply