නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවත් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එහි සඳහන්.
මේ වන විට මළ සිරුරු 40 සොයාගෙන ඇති බවත් ඉතිරි පිරිසක් මිය යන්නට ඇති බව විශ්වාස කරන බව බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ
නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් යානය අනතුරට ලක් ව ඇත.මෙම ගුවන් යානය කත්මණ්ඩු සිට Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
