නාන තටාකයකට වැටී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

කතරගම මයිලගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයකට වැටී දෙහැවිරිදි කුඩා දරුවෙකු අද (09) ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෝටලයේ හිමිකරුගේ දෙහැවිරිදි කුඩා දරුවා බවද පොලිසිය පවසයි.

මෘත දේහය දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply