රටින් බිත්තර ගෙන්න 20 දෙනෙකු ඉදිරිපත් වෙලා

බිත්තර ආනයන ටෙන්ඩරයට ආනයනකරුවන් 20 දෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

ඊට අදාළ ටෙන්ඩර් කැඳවීම අද (08) අවසන් කළ අතර අවසන් අනුමැතිය සඳහා එය වෙළඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවට භාරදුන් බවද රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.

බිත්තර ආනයන ටෙන්ඩරයට ඉදිරිපත් වූ සියලු ආනයනකරුවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික ද ඉදිරිපත් කර තිබූ බවත් ඉන් බහුතරය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්නන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply