චන්ද්‍රිකාවක් කඩා වැටෙන බව NASA ආයතනය කියයි

දශක හතරකට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ තිබු නාසා ආයතනයට අයත් අක්‍රිය වු චන්ද්‍රිකාවක් පෘථිවියට පතිත වීමට නියමිත බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස කඩාවැටීමට නියමිතව ඇත්තේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි.

චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇති බවත් එය කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් නාසා ආයතනය පවසයි.

කිලෝග්‍රෑම් 2,450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට එද්දි ගිනි ගෙන දැවී කැබැලි වනු ඇතැයි ද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වී ඇත.

Werzuo Digital

Leave a Reply