හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ඔහුගේ වතිකානු නිවසේ දී ස්වර්ගස්ථ වී ඇති බව වතිකානුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද (31) වාර්තා කළේය.

රෝගාතුර වූ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වී දශකයකට පමණ පසු ඔහු ස්වර්ගස්ථ විට 95 වියෙහි පසුවිය

සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේය. උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත් වූහ.

බෙනඩික් පාප් වනසේ සිය අවසන් කාලය ගත කළේ වතිකානුවේ පිහිටි Mater Ecclesiae ආරාමයේහි ගත කලේය.

Werzuo Digital

Leave a Reply