සුසාන භූමියක් වෙත රැගෙන යමින් තිබූ දේහයක් පිටුපස ගමන් කරමින් සිටි පිරිසක් අතරට වාද්දුවදී ත්‍රීරෝද රථයක් කඩාවැදීමෙන් කුඩා ළමුන් 03 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා කළුතර සහ පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පිරිසකි
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා එලෙස ගාලුපාර ඔස්සේ වාද්දුව දෙස සිට වස්කඩුව පොදු සුසාන භූමිය වෙත රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.එහිදී කළුතර දෙසින් පැමිණි ත්‍රීරෝද රථය, රියදුරට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී තිබේ.