මෙරට වාහන නඩත්තුව පහළට : බය හිතෙන ලෙඩ ඉහළට

වාහන නියමිත පරිදි සර්විස් නොකිරීම හා නඩත්තු කිරීම් නිසි වේලාවට නොකිරීම මත දිනෙන් දින මෙරට වායු දූෂණය ඉහළ යාමේ නව ප්‍රවණතාවක් මතුව ඇතැයි නවතම පරීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

මේ හේතුවෙන් කුඩා දරුවන්, ගැබිනි මවුවරුන්, පෙනහලු ආශ්‍රිත නිදන්ගත රෝගීන් මෙන් ම හදවත් රෝගීන් දැඩි අවදානමකට ලක් වන බව ද මෙම නවතම පරීක්‍ෂණයෙන් හෙළිව ඇත.

විශේෂයෙන් ඔයිල්, ෆිල්ටර් ඇතුළු වාහන අමතර කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බොහෝ වාහන හිමිකරුවන් නිසි වේලාවන්හිදී වාහන නඩත්තු කිරීම හා සර්විස් කිරීම ප්‍රමාද කිරීම මීට හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙකු ‘ඉරිදා මව්බිම’ ට ප්‍රකාශ කළේ ය.

මින් වැඩි බලපෑමක් ඩීසල් වාහනවලින් සිදු වන බව ත්, විශේෂයෙන් බස්, ලොරි නිසා මෙම වායු දූෂණය වේගවත් වී ඇති බවත් එම නිලධාරියා කීය.

ඉකුත් දෙසතියක පමණ කාලය තුළ කොළඹ බැස්ටියන් මාවතේ මෝටර් රථ දෙපාර්තමේන්තු වාහන වායු විමෝචන පර්යේෂණ අංශය සිදු කළ පර්යේෂණයකදී පෞද්ගලික බස් රථ සියයට 50ක් අසීමිත ලෙස වාතය දූෂණය කරන බව හෙළිව තිබේ.

මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා නව වසරේ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත

උපුටා ගැනිම ඉරිදා මව්බිම

Werzuo Digital

Leave a Reply