කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ පොලිස් වෙස්ගෙන නිවසකට ඇතුළුවූ පුද්ගලයින් තිදෙනෙක් ඊයේ (06) අලුයම එහි නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී දේපළ කොල්ලකා තිබෙන බව පොලිසිය පවසයි.
අදාළ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් ආසන්නයේ තාවකාලිකව සාදා ඇති නිවසකට ඇතුළුවී ඇති සැකකරුවන් එහි තිබූ රන් භාණ්ඩ සහ දේපළ එලෙස කොල්ලකා තිබේ.
අදාළ නිවසේ හිමිකරු සිය මිතුරන් තිදෙනෙකු සමග තාවකාලිකව ඉදිකළ නිවසේ නිසා සිටියදී පොලීසිය බව පවසමින් ඊයේ අලුයම් කාලයේදී සැකකරුවන් නිවසට ඇතුළුවී ඇත.
සැකකරුවන් විසින් නිවැසියන්ව දණගස්සා ඔවුන් සතුව තිබූ රන් අත්පළඳනාවක්, රන්මුදු 02ක්, රන් මාලයක්, පෙන්ඩන්ඩ් 02ක්, මුදලින් රුපියල් 355,000ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු තවත් දේපළ කොල්ලකා පළාගොස් තිබේ.
කොල්ලකන ලද දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 18කට අධික බව පොලීසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.