කොරියාවේ තෙරපුමකින් මියගිය ශ්‍රි ලාංකිය තරුණයාට මිලියන 9ක් වන්දි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති උත්සවයක් අතරතුර මියගිය මෙරට තරුණයාට රුපියල් මිලියන 9ක් ලබාදීමට කොරියානු තානාපති කාර්යාලය එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී  ඊයේ (17) පැවැසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සජබ මහනුවර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

උඩතලවින්න ප්‍රදේශයේ නැතිවුණු මුස්ලිම් තරුණයෙක් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම ගැන කතා කරනවා. මම දන්නවා ඔබතුමා ගොඩක් උත්සාහ කරනවා කියලා. ඒක ලබා දෙනවාද?

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි –

ඒ සම්බන්ධයෙන් සියෝල්වල පිහිටි තනාපති කාර්යාලයෙන් මැදිහත්වෙලා බොඩි එක දවස් 4ක් ඇතුළත ගෙන්වා ගත්තා. ඊට පස්සේ අපි කොරියානු තානාපති කාර්යාලය සමඟ කතා කළා. එහිදී ඔවුන් රුපියල් මිලියන 9ක් වටිනාකමකින් යුත් වන්දි මුදලක් ලබා දෙනවා. ඒ වගේම ලංකාවට එම බොඩි එක ගෙන්වා ගැනීම සඳහා වියදම් වූ මුදලුත් ලබා දෙන්න එකඟවෙලා තිබෙනවා.

Werzuo Digital

Leave a Reply