ගාල්ල පොලීසිය හොඳ වැඩක් අරඹයි

ළමා හා කාන්තා හිංසනය, මත් ද්‍රව්‍ය භාවිතය සහ පරිගණක අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාසයේ පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්විමට ගාල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය පියවර ගෙන තිබේ.

මෙම දැනුවත් කිරිමේ වැඩ සටහන් සඳහා හත්වන ශේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් සහභාගි කරගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරින්ද, පරිගණක අපරාධ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරින්ද, ළමා හා කාන්තා හිංසනය සම්බනධයෙන් මනෝ වෛද්‍යවරුන්ද දේශන පවත්වනු ඇත.

පාසල්වලට අමතරව දහම් පාසල් වලත් මෙම වැඩසටහන් පවත්වනු ලබන අතර එහිදි දෙමව්පියන්ද සහභාගි කර ගන්නා බවත් පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම පරිගණක අපරාධ වලට සම්බන්ධවු පාසල් සිසුන් රැසක් පිළිබඳ තොරතුරු ලැබිම නිසා මෙම වැඩසටහන් පැවැත්විමට තිරණය කල බව ගාල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න ජයරත්න මහතා පවසයි.

මෙහි පළමු දැනුවත් කිරිමේ පළමු වැඩසටහන ගාල්ල කලේගාන පියතිස්ස විදුහලේදි පසුගියදා පවත්වා ඇති ඇති අතර එහිදී පාසල් ළමුන්ට දිවා ආහාරය ද පිරිනමා තිබේ.

Werzuo Digital

Leave a Reply