අනියම මරණයෙන් කෙලවර වෙයි

රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි

24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් අදාළ තරුණයා හිදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය හමුවීමට නිවසට ගිය අවස්ථාවේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පහරදීමක් සිදුකර ගසක බැඳ තැබීමට කටයුතු කර ඇති බව අනාවරණය වි තිබෙන බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත රත්නපුර පොලීසිය විසින් පහරකෑමට ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ 37 හැවිරිදි සැකකරු රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply