බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන්

බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්වී තිබෙන බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්වී ඇත්තේ තාලාවිට, එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ධීවරයා ඉකුත් සැප්තැම්බර් 11 වනදා බහුදින යාත්‍රාවකින් තවත් ධීවරයින් පස්දෙනෙකු සමග මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබේ. එම පිරිස මුහුදු ගොස් ධීවර කටයුතු නිමවා නැවත එමින් සිටියදී ඊයේ (11) සවස මෙම ධීවරයා මුහුදට වැටී අතුරුදන්වී ඇති බවට යත්‍රාවේ හිමිකරු පොලීසිය පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply