ඉකුත් මාස 10 තුල දකුණු පළාතේ සුරාබදු දඩ ආදායම මිලියන 04 ඉක්මවයි

මෙම වසරේ ගතවු මාස දහය තුල දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වැටලිම්874ක් සිදුකර රුපියල් 4174000ක (හතළිස් එක් දහස් ලක්ෂ හැත්තැහතර දහසක) දඩ මුදලක් අයකර ගෙන තිබේ.

හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය, ගංජා, නිති විරෝධි ලෙස ගෙන්වන ලද මත්පැන් සහ සිගරැට්, බිඩි, ගෝඩා ආදිය වැටලිම් කොට ගාල්ල, ඇල්පිටිය, බද්දේගම යන අධිකරණවල නඩු පවරා මෙම දඩ මුදල් අයකරගෙන ඇත.

දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් මෙම වැටලිම් සිදුකර තිබේ

Werzuo Digital

Leave a Reply