බඳින තුවක්කුව සිසුවා රෝහලට යවයි

කටුවනදී බඳින තුවක්කුවත් පත්තු වී පාසල් සිසුවෙකුගේ පාදයට බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි

මෙලෙස තුවාල ලබා ඇත්තේ හම්බන්තොට කටුවන සියාරපිටිය මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

විද්‍යාලය ආසන්නයේ ඉඩමක බැඳ තිබූ තුවක්කුවක් පත්තු වී සිසුවා අනතුරට ලක්ව ඇති අතර ඉඩමේ හිමිකරු කටුවන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවා යහළුවන් සමග ඊයේ (08) පාසල් ක්‍රිඩාංගණයයේ ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ.එලෙස ක්‍රිඩා කරමින් සිටිය දී පන්දුව ක්‍රීඩාංගණය පිටුපස ඇති ප්‍රධාන මාර්ගයට යාබද ඉඩමට යෑම හේතුවෙන් සිසුවා එය රැගෙන ඒමට එම ස්ථානයට ගොස් තිබේ එහිදී, එම ඉඩමේ අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වී සිසුවාගේ දකුණ කකුලට තුවාල සිදුවී තිබේ.

Werzuo Digital

Leave a Reply