ලංකාවේ මිනිස්සු හා නිවාස සංඛ්‍යාව ගණන් කරන්න යයි

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් ලබන 2023 වසර මුල පැවැත්වීමට සැලසුම්කරමින් සිටින බව ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සංගණනයේ සිතියම් සකස් කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවත් අනතුරුව ලැයිස්තු සකස් කිරීම සහ නිලධරීන් පුහුණුකිරීමේ කටයුතු ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ අවසන් වරට 2012 වසරේදී ජන හා නිවාස සංගණනයක් පවත්වා තිබේ

Werzuo Digital

Leave a Reply