යාපනයෙන් සහ ගම්පහින් මළ සිරුරු දෙකක් හමුවෙයි

අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගල මළ සිරුරු දෙකක් යාපනය වෙරළ තීරයෙන් සහ අත්තනගලු ඔයේ තිබේ සොයාගත් බව පොලිසිය පවසයි.

පිරිමි මළ සිරුරක් යාපනය ඉලවාලෙයි සේන්තාන්කුලම් වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙසේ හමුව තිබෙන බව පොලිසිය පවසයි.

මළ සිරුරක් මුහුදු වෙරළේ ඇති බව ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව ඉලවාලෙයි පොලීසිය දැනුවත් කර තිබේ.

මේ අතර ගම්පහ නව මිනුවන්ගොඩ මාර්ගයෙහි අත්තනගලු ඔය පාලම අසල තිබී කාන්තා මළ සිරුරක් අද (30) පෙරවරුවේ සොයාගත් බව ගම්පහ පොලීසිය පවසයි. 

වයස අවුරුදු  55 – 60 ක් පමණ විය හැකි මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලීසිය පවසයි. 

මෙම පිරිමි හා කාන්තා මල සිරුරු පිළිබඳ ඉලවාලෙයි සහ ගම්පහ පොලිසි මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply