ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් ජිවිත 91ක් බිලිගනි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් 91 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගුජරාටි ප්‍රාන්තයේ ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක් මෙලෙස කඩාවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇති අතර පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇති බව එම වාර්තා සඳහන් කළේය

එම පාලම යළි සකස් කර දින පහකට පෙර විවෘත කර ඇති අතර අධික බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස මෙම පාලම කඩා වැටී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply