මාතර පොල්හේන සහ වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල කොළ පැහැයට හැරී ඇති බවට වාර්තා වෙයි.
ඊයේ දිනයේ සිට මුහුදු ජලය කොළ පැහැයට හැරී ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නාරා ආයතනයේ නිලධාරීන්ද අද (27) වෙරළ තීරයට පැමිණ තිබේ
අසාමාන්‍ය ඇල්ගී වර්ධනයක් හේතුවෙන් මෙලෙස මුහුදු ජලයේ වර්ණය වෙනස් වන්නට ඇති බව ඔවුන් පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා.
“මෝසම් සක්‍රීය වීමත් සමග මුහුදේ පෝෂණ මට්ටම් වෙනස් වෙනවා ඒ පෝෂණ මට්ටම් වෙනස්වීමත් සමග මේ වගේ ඇල්ගී ගහණයන්ගේ අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඊයේ දිනයේ මෙම මුහුදු තීරය භාවිත කිරීම වළක්වලා තිබුණා. අද වෙනකොට මේ තත්ත්වය බැහැර ගිහිල්ලා තියෙන්නේ. අපිට ජනතාවට කියන්න තියෙන්නේ මුහුදු ජලය භාවිත කිරීම අද දිනයේ ගැටලුවක් නෑ සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අපි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන මේ සඳහා හේතු කාරණා නිශ්චිත වශයෙන්ම කියන්න බලාපොරොත්තු වෙනවා