ගාල්ල පාපන්දු ක්රීඩාංගනය නගරාධිපතිවරයා විසින් දේශපාලන රැස්වීමක් සඳහා ක්රීඩාංගනය ලබාදීම ඇතුළු ගැටලු කීපයක් මුල් කර ගනිමින් ගාල්ල දිස්ත්රික් පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (27) පෙරවරුවේ පවත්වන ලදී .
මේ සඳහා ගාල්ල පාපන්දු සංගමයේ සාමාජිකයන් ඇතුළු පාපන්දු ක්රීඩකයින් පිරිසක් සහභාගි වි සිටියහ.
විරෝධතාකරුවන් පාපන්දු පිටිය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදිමෙන් පසු පෙළපාලියකින් ගාල්ල මහ නගර සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වුහ.