මාවනැල්ලේදී බස් දෙකක් ගැටී 40කට තුවාල

මාවනැල්ල උතුවන්කද ප්‍රදේශයේදී අද (25) දහවල් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්වී ඇත්තේ පෞද්ගලික පාසල් ප්‍රවාහන බස්රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් බවත් පාසල් ප්‍රවාහන බස්රථයේ එම අවස්ථාවේ කිසිදු දරුවකු සිටි නොමැති බව වාර්තාවේ.

මෙම අනතුරෙන් රෝහල්ගත කළ ප්‍රතිකාර ලබන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply