බමන මතින් ලිඳට වැටී දෙදෙනෙකු මරුට

පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ මත්පැන් සදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු ලිදකට වැටී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් හැවිරිදි වියෙහි පසුවන වල්ලිපුරම්හී පදිංචිකරුවන් දෙදෙනෙකි.

තරුණයන් 6 දෙනෙකු ඊයේ (24) සවස වෙල්යායකදී මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවත් මුලින්ම එක් අයෙක් ලිදට වැටී ඇති අතර ඔහුව බේරා ගැනීමට තව අයෙක් ලිදට පැනීමෙන් පසු දෙදෙනාම දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතව ඇත.

Werzuo Digital

Leave a Reply