මිනුවන්ගොඩ, මාබොල දබුගහමුල ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී ගොඩ ගසා තිබු පොල් ගොඩකින් පොල් ගෙඩි 335ක් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ලබන 02 දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
සැකකරු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සොරාගන්නා ලද පොල් ගෙඩි 335 විකුණා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය සොයා ගෙන තිබේ.
සැකකරු හෙරොයින් පානය තදින්ම ඇබ්බැහි වූවකු බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. මෙම සොරකමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.
දිනමිණ