බිලිඳකු සමඟ දුම්රියට පැන්න මව මරුට බිළිඳා බේරෙයි

තරුණ මවක් වයස අවුරුදු තුනහමාරක් පමණ වන සිය බිලිඳු දරුවා සමඟ වැල්ලව, වරද්දන දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ (24) දහවල් යාල්දේවි දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇතැයි වැල්ලව පොලිසිය පවසයි.

අනතුරින් දරුවා දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී යෑම නිසා ඔහුගේ ජීවිතයට හානියක් සිදුව නැති අතර බිලිදාගේ වම් පාදය පමණක් බිඳීමකට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

කුරුණෑගල, වැල්ලව, වරද්දන දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ පෙරවරුවේ 11.45ට පමණ කොළඹ සිට වවුනියාව බලා ධාවනය කෙරෙන යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ

අනතුරින් පසුව වැල්ලව පොලිසිය විසින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ බිලිඳු දරුවා හට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව බිළිඳාට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් පැලඳුම් හා වෙනත් අවශ්‍යතා සපුරාගෙන ලබාදීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

අනතුරට ලක්වූ දෙදෙනා පිළිබඳව අනන්‍යතාව සනාථ කර ගැනීමට නොහැකි වි ඇති අතර වැල්ලව පොලිසිය විසින් මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply